යුරෝපා සංගමය මුල් වරට රුසියානු සම්බාධක ලැයිස්තුවට චීන සමාගම් හා පුද්ගලයන් එක්කිරීමට චීනයේ විරෝධය

Published on

යුරෝපා සංගමය රුසියාව වෙත පනවන 15 වැනි සම්බාධක සැලැස්ම පසුගිය 16 වනදා ප්‍රකාශයට පත් කළ අතර එහිදී චීන සමාගම් හා පුද්ගලයන් ද එම “සම්පූර්ණ සම්බාධක”ලැයිස්තුවට එක් කිරීමට මුල් වරට පියවර ගෙන තිබිණ.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් චීන වාණිජ අමාත්‍යංශය පවසන්නේ, චීනයේ විරෝධය හා සංවාද නොතකා රුසියාව වෙත 15 වැනි සම්බාධක පැනවීම තුළින් ඇතැම් චීන සමාගම් හා පුද්ගලයන් ද එම ලැයිස්තුවට එක් කිරීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බවය.

ඊට චීනය දැඩි ලෙස විරුද්ධත්වය පළකර සිටින බව අවධාරණය කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, ජාත්‍යන්තර නීති පදනම හා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහතික රහිත ඒකපාර්ශ්වික සම්බාධක පැනවීම කෙරෙහි චීනය මුල සිට ම විරෝධය පළ කළ බවයි.

එමෙන්ම චීන යුරෝපා විස්තීර්ණ උපායමාර්ගික සබඳතාව රැකගැනීම, ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය තහවුරු කිරීම මත, වහාම චීන සමාගම්වල නීත්‍යනුකූල ප්‍රතිලාභවලට හානි සිදුකිරීම නතර කරන ලෙස චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටින බව චීන වාණිජ අමාත්‍යංශය අවධාරණය කර ඇති බවයි චීන මාධ්‍ය සමූහය පවසන්නේ.

Latest articles

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

More like this