චීන-ඉන්දියානු දේශසීමා ගැටළුව සම්බන්ධයෙන් විශේෂ නියෝජිතයින්ගේ රැස්වීමක්

Published on

චීන-ඉන්දීය දේශසීමා ගැටළුව පිළිබඳ විශේෂ නියෝජිතයින්ගේ 23 වැනි රැස්වීම ඊයේ (18 ) පැවති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ චීනයේ බෙයිජිංහිදියි.

මේ අවස්ථාවට ඉන්දියාවේ ජාතික ආරක්ෂක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා ඇතුළු දෙරටේ විශේෂ නියෝජිත පිරිසක් එක්ව තිබෙන බව සඳහන්.

දෙපාර්ශවය අතර වසර පහකට පසුව පැවති පළමු හමුව මෙය වේ.

එහිදී චීනය සහ ඉන්දියාව චීන-ඉන්දියානු දේශසීමා ගැටළුව සම්බන්ධයෙන් කරුණු 6ක එකඟතාවයකට පැමිණ තිබෙන බවයි කියන්නේ.

දේශසීමා අර්බුද සම්බන්ධයෙන් දෙරට විසින් එළැඹි විසඳුම් පිළිබඳව දෙපාර්ශවයම ධනාත්මකව අදහස් දැක්වීම පළමුවැන්නයි.

දෙවැන්න වන්නේ 2005 වසරේ දෙරටේ විශේෂ නියෝජිතයන් විසින් දේශසීමා ගැටළුව විසඳීම සඳහා එළඹ ඇති දේශපාලන මාර්ගෝපදේශක මූලධර්මවලට අනුව දේශසීමා ගැටලුව සඳහා සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුම් පැකේජයක් අඛණ්ඩව සොයා ගැනීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වය විසින් යළිත් තහවුරු කර තිබීම වේ.

දෙපාර්ශවය දේශසීමා තත්ත්වය තක්සේරු කර දේශසීමාවේ තිරසර සාමය සහ සන්සුන් භාවය ළඟා කර ගැනීම සඳහා දේශසීමා ප්‍රදේශයේ පාලන නීති තවදුරටත් සැකසීමට එකඟ වීම තෙවැන්නයි.

සිව්වැන්න දේශසීමා හුවමාරුව සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම, චීනයේ ටිබෙට් ස්වායත්තයට ඉන්දීය වන්දනාකරුවන්ගේ වන්දනා ගමන් නැවත ආරම්භ කිරීම, දේශසීමා ගංගා සහයෝගිතාව සහ Nathu La හි දේශසීමා වෙළඳාම යනාදිය ප්‍රවර්ධනය කිරීමට දෙපාර්ශවය එකඟ වීම වේ.

පස්වන කරුණ ලෙසට, විශේෂ නියෝජිත රැස්වීම් යාන්ත්‍රණය ගොඩනැගීම තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවය එකඟ වී තිබෙනවා.

ඒ ය‍ටතේ මෙවර විශේෂ නියෝජිතයින්ගේ රැස්වීමෙන් පසු අදාළ කාර්යයන් ක්‍රියාත්මක කිරීමේදී එය මනා ලෙස සිදු කරන කරන මෙන් චීන-ඉන්දියානු දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණ ක්‍රියාකාරී යාන්ත්‍රණය විසින් ඉල්ලා ඇති බව සඳහන්.

ලබන වසරේ නව වටයේ විශේෂ නියෝජිත රැස්වීම ඉන්දියාවේදී පැවැත්වීමට දෙපාර්ශවය එකඟ වූ අතර ඒ සඳහා නිශ්චිත කාල රාමුව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ තීරණය කිරීමට එකඟතාවකට පැමිණීම මේ හමුවේ හයවැනි කරුණයි.

චීන සහ ඉන්දීය ඉහළ පෙළේ නායකයින් විසින් ඇති කර ගත් කරුණු 6ක එකඟතාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පළ කරන බවයි චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ප්‍රකාශක Stephane Dujarric මහතා කියා සිටියේ.

Latest articles

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

More like this

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...