ඇමරිකාවේ තහනම් කිරීමට නියමිත TikTok සමාජ මාධ්‍යයේ ප්‍රධාන විධායක නිලධාරියෙක් ට්‍රම්ප් හමුවෙයි

Published on

ඇමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ ඔහුගේ මාර්-ඒ-ලාගෝ වතුයායේදී TikTok සමාජ මාධ්‍යයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෝ සි චු හමුව තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

TikTok හි හිමිකාරීත්වය දරන චීන මව් සමාගම වන ByteDance ඇමෙරිකාවේ තහනමකට මුහුණදී සිටින පසුබිමක් තුළයි මෙම හමුව පිළිබඳ වාර්තා වන්නේ.

එළඹෙන ජනවාරි මස 19 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි TikTok ජංගම දුරකථන යෙදවුමක් ලෙස ඇමෙරිකාව තුළ භාවිතය තහනම් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ඉකුත් අප්‍රේල් මාසයේදී අත්සන් කළ නව නීතියකට අනුවයි.

ඉන් වැළකීමට නම් ඇමෙරිකාව තුළ TikTok හි හිමිකාරීත්වය චීනයට අයත් නොවන වෙනත් පාර්ශවයකට පැවරිය යුතු බවයි කියන්නේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ByteDance ඉකුත් දා අමෙරිකානු අධිකරණයක් හමුවට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.

එය අසාර්ථක වූ බැවින් මේවනවිට TikTok සඳහා බලාත්මක කිරීමට නියමිත නීතිය තාවකාලිකව අවහිර කරන ලෙසයි ByteDance අමෙරිකානු ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

එම වාර්තා මධ්‍යයේයි විදෙස් මාධ්‍ය ට්‍රම්ප් සහ TikTok ප්‍රධාන විධායක නිලධාරියාගේ හමුව පිළිබඳ වාර්තා කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් ඔහුගේ පළමු ධූර කාලය තුළ TikTok තහනමට මුලදී සහයෝගය ලබාදුන්නද, පසුව එයට විරෝධය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ට්‍රම්ප් විශ්වාස කරන්නේ සිය 2020 මැතිවරණ පරාජයට දායක වූ බවට ට්‍රප්ම් චෝදනා කළ ෆේස්බුක් වෙත මෙම තහනම මගින් නොදැනුවත්වම ප්‍රතිලාභ ලැබිය හැකි බවය.

ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය එළඹෙන ජනවාරි 20 වනදා ආරම්භ වීමට නියමිත අතර, TikTok විකිණීම හෝ තහනම් කිරීම සඳහා නියමිත කාලසීමාව අවසන් වීමට නියමිතව ඇත්තේ ජනවාරි 19 වැනි දිනයි.

Latest articles

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

More like this

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...