වීසා රහිත ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් පුළුල් කිරීමෙන් විදේශිකයින් අතර චීනයේ ජනප්‍රියත්වය ඉහළට

Published on

චීනය සංක්‍රමණ වීසා රහිත ප්‍රතිපත්තිය පුළුල් ලෙස ලිහිල් කිරීම ප්‍රකාශයට පත් කළ බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා දෛනික මාධ්‍ය හමුවට එක් වෙමින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව චීනය හරහා වෙනත් රටකට ගමන් කිරීම සඳහා ගමන් බලපත්‍ර හිමි විදේශිකයින්ට මීට පෙර වීසා රහිතව චීනය තුළ රැඳී සිටිය හැකි ව තිබූ පැය 72 ක සහ පැය 144 ක කාලය නව ප්‍රතිපත්තියත් සමග පැය 240ක් දක්වා එනම් දින 10ක් දක්වා දීර්ඝ කෙරෙන බවයි සඳහන් වන්නේ.

ඒ සමගම වීසා රහිත පහසුකම් සහිත විදේශිකයින්ට චීනයට පැමිණීමට සහ චීනයෙන් පිටවීම සඳහා පැවති ප්‍රවේශ ස්ථාන සංඛ්‍යාවද 21 සිට 60ක් දක්වා ඉහළ නංවා ඇති අතර ඔවුන්ට රැඳී සිටිය හැකි ස්ථාන සංඛ්‍යාව ද 19 සිට 24ක් දක්වා පුළුල් කර තිබෙනවා.

එමෙන්ම සංක්‍රමණ වීසා රහිත විදේශිකයන්ට පළාත් හරහා ගමන් කිරීමට ද අවසර ලබා දෙන බව Lin Jian මහතා සඳහන් කළ බවයි වාර්තා වන්නේ.

මේ වසරේ විදේශීය සංචාරකයින් වැඩි ප්‍රමාණයක් චීනයට පැමිණ ඇති බව නවතම දත්ත අනාවරණ කර ඇති අතර, චීන විදේශ අමාත්‍යංශය පවසන්නේ තම රට විදේශීය සංචාරකයින් සාදරයෙන් පිළිගන්නා බවයි.

මේ අතර ඊ‍යේ(17) දිනයේ සිට චීනය හරහා තෙවැනි ගමනාන්තයකට යාමට බලපාන වීසා රහිත ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම පුළුල් කොට ප්‍රශස්ත ‍කිරීම නිකුත් කිරීමෙන් පසු “වීසා රහිතව චීනයේ රැඳී සිටීම” යන සෙවුම් ජනප්‍රියත්වය එසැනින් උච්චස්ථානයකට ළඟා වීමද කැපී පෙනෙන්නක් වී තිබේ.

විදෙස් සංචාරකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමඟම, චීනයේ සංචාරක ව්‍යාපාරයට අදාළ කර්මාන්ත සඳහා වැඩි වශයෙන් වාණිජ අවස්ථා විවර වනු ඇති බවත් එයින් චීන ආර්ථික සංවර්ධනයට නව ජවයක් සැපයීම ද සිදු වන්නකි.

වර්තමානයේ, භූ දේශපාලනික තත්ත්වය වඩාත් සංකීර්ණ වෙමින් පවතින අතර වෙළඳ ආරක්ෂණවාදය ගෝලීය සංවර්ධනයට බාධා කර ඇති පසුබිමක ලෝකයේ විවෘත පරිසරය එතරම් පුළුල් නොවන්නකි.

එම තත්වය හා සසඳන විට, 2023 දී චීනයේ විවෘතභාවයේ දර්ශකය 2008 ක් වූ අතර එය 11.89% කින් මේ වන විට ඉහළ ගොස් ඇති බවත් එම වර්ධන අනුපාතය ලෝකයේ ඉහළම අගයන් අතරට පත්වන බවත් විදෙස් වාර්තාවල සඳහන්.

Latest articles

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

More like this

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...