සත්කාරක ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ඒ අනුව තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායමේ නායක නජ්මුල් හුසේන් ශන්තෝ සමත් වූ අතර ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේදී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර පැතුම් නිස්සංක , ඕෂද ප්‍රනාන්දු , දිනේෂ් චන්දිමාල් , ඇන්ජලෝ මැතිව්ස් , කුසල් මෙන්ඩිස් , කමිදු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත්.
නවක ක්‍රීඩකයන් වන සොනාල් දිනුෂ , පවන් රත්නායක , තරිදු රත්නායක , පසිදු සුරියබණ්ඩාර , ඉසිත විජේසුන්දරද 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබෙනවා.
එමෙන්ම සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අවසන් තරගය මෙයයි.
මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භක පිතිකරුවෙකු ලෙස ළහිරු උදාර ටෙස්ට් වරම් දිනාගත් අතර, තරිඳු රත්නායක පන්දු යවන්නෙක් ලෙස ටෙස්ට් වරම් දිනාගෙන තිබීම ද විශේෂත්වයක්.
2025 – 2027 ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය ක්‍රියාත්මක වෙයි.