චාමර සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන් කර නැහැ – අල්ලස් කොමිසම

Published on

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන් කර නොමැති බව අල්ලස් කොමිසම අද (17) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ 2016 වසරේ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් ඉවත් කරගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ හයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් සිදු කරන ලද විමර්ශනයන්ට අදාළවයි.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේයි කැඳවනු ලැබුවේ.

එම අවස්ථාවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදාහැර සිටින චාමර සම්පත් මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බවයි.

විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ද එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළි නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙසයි නියම කළේ.

Latest articles

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ප්‍රදේශ කිහිපයකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර...

හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට පනත් කෙටුම්පතක්

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමට පනත් කෙටුම්පතක් සකස් කිරීමට...

ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ජාතික ජන බලවේගයට

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය...

ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් නිර්මාණය කිරීමට රජයේ අවධානය

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ නිර්මාණය කිරීමට රජයේ...

More like this