20වැනි සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවන බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.
දීර්ඝ කාලීනව නොවිසිඳුනු පරිපාලන ගැටලු මුල් කර ගනිමින් එම වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.
ඔවුන් මේ පිළිබඳව කියා සිටියේ නිවේදනයක් නිකුත් කරමින්.
දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක ප්‍රවාහන /වාණිජ තනතුරේ බඳවා ගැනීම සිදු කිරීම ප්‍රමාද වීම
නියාමක විශේෂ පංතියේ උසස්වීම් ලබා දීම ප්‍රමාද වීම
නියාමක විශේෂ පංතියේ වැටුප් ගැටලුව නොවිසඳීම.
දෙපාර්තමේන්තු පරීක්ෂණ පැවැත්වීම ප්‍රමාද වීම
කාර්යක්ෂමතා කඩයිම් සහන ලබාදීම ප්‍රමාද වීම. නි.කා.භා.නි. කාර්යාල සඳහා දු.කා.ස. සේවකයින් අනුයුක්ත නොකිරීම
සුබ සාධන කටයුතු සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම් මේ දක්වා ඉටු නොවීම
ශ්‍රී ලංකා තාක්ෂණ සේවය සඳහා නැවත ලබා දී ඇති උසස්වීම් ක්‍රමවේදය නැවතත් නියාමක තනතුර සඳහාද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා සිටීම
ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඉල්ලුම් කිරීම සඳහා නැවතත් අවස්ථාව හිමි කර දෙන ලෙස ඉල්ලීම
ආදී ගැටලු සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරමින් 20වැනි සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට සංකේතාත්මක වැඩ වර්ජනයක නිරතවන බවයි එම සංගමය වැඩිදුරටත් පවසා සිටියේ.