ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වන්න – ට්‍රම්ප් අනතුරු අඟවයි

Published on

ඉරානයේ ටෙහෙරාන් නුවර සිටින සියලුදෙනා වහාම ඉන් ඉවත් විය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා.

ඔහු ඒ බව සඳහන් කළේ, සමාජ මාධ්‍යයක සටහනක් තබමින්.

ඊශ්‍රායලය, ටෙහෙරානයේ ඇතැම් ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීම් සිදු කර තිබෙන පසුබිමකයි ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බවයි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ටෙහෙරානයේ සිටින පදිංචිකරුවන් සංඛ්‍යාව මිලියන 10ක්.

මේ අතර, ටෙහෙරානයේ ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර ඉරාන සේවකයින් තිදෙනෙකු ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය ගිය බවයි ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායලය පසුගිය සතියේ ඉරානයට එරෙහිව ප්‍රහාර ගණනාවක් දියත් කරනු ලැබුවා.

ඉන් පසුව ඊශ්‍රායලය පළමුවරට ඉරානයට පහර දුන් දා සිට රටවල් දෙකම එකිනෙකාට එරෙහිව ප්‍රහාර දියත් කරනු ලැබුවේ යුද උණුසුම තවත් තිව්‍ර කරමින්.

මෙසේ දෙරට අතර යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට ඉරානයේ 224 දෙනෙකු සහ ඊශ්‍රායලයේ 24 දෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Latest articles

ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ජාතික ජන බලවේගයට

පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයට බලය පිහිටු වීමට නොහැකි පළාත් පාලන ආයතනවලට බලය...

ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් නිර්මාණය කිරීමට රජයේ අවධානය

ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ නිර්මාණය කිරීමට රජයේ...

2028 දී 10 ශ්‍රේණියට හඳුන්වා දෙන නව විෂය නිර්දේශයට අනුව 2029 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගය – අධ්‍යාපන ඇමති

2028 වර්ෂයේ 10 ශ්‍රේණියට නව විෂය නිර්දේශය හඳුන්වා දීමට නියමිත බවත්, එම නව විෂය...

තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න – බලශක්ති අමාත්‍යාංශය

තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මැද පෙරදිග යුද...

More like this