දයා ගමගේට අයත් බව පැවසෙන රු. කෝටි 10ක් වටින චංචල දේපළ ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියෝග

Published on

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේට අයත් බව පැවසෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් ආයතන 3ක චංචල දේපළ ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ, 2022 වසරේ නොවැම්බර් මස 10 වැනිදා ලබාදුන් අධිකරණ තීන්දුවකට අනුවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේට අයත් බව පැවසෙන දයා ගෘෘප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් ප්‍රයිවට් ලිමිටඩ් සහ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන 3ට අයත් චංචල දේපළ මෙලෙස වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

එම ආයතන 03ට අදාළව වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කාර මූල්‍ය සමාගමට ගෙවිය යුතු සම්පූර්ණ මුදල රුපියල් දස කෝටි හතලිස් දෙලක්ෂ විසි නවදහස් තුන්සිය හතලිස් දෙකක්. (රුපියල් 104,229,342/-)

කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර් විසින් එම ආයතන 3ට අයත් චංචල දේපළ ජූලි මස දෙවැනිදා උදෑසන 10ට ප්‍රසිද්ධියේ වෙන්දේසි කරන ලෙසයි අදාළ මූල්‍ය සමාගමට දැනුම් දී ඇත්තේ.

අදාළ මූල්‍ය සමාගමට අයවිය යුතුව තිබූ සමස්ත මුදල රුපියල් දස කෝටි අසූ තුන් ලක්ෂ නවදහස් තුන්සිය හතලිස් දෙකක්. (රුපිය්ල 108,309‍්,342/-)

එම මුදලින් රුපියල් හතලිස් ලක්ෂ අසූ දහක (රුපියල් 4,080,000/-) මුදලක් වගඋත්තරකරුවන් විසින් ගෙවා ඇති අතර ඉතිරි මුදල අයකර ගැනීමේ අරමුණින් 2022 වසරේ නොවැම්බර් මස 10 වැනිදා කොළඹ වාණිජ මහාධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුවට අනුවයි මෙම දේපළ වෙන්දේසි කිරීමට නියමිතව ඇත්තේ.

Latest articles

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ඇරඹේ – මාලිමාවෙන් හා විපක්ෂයෙන් නගරාධිපති අපේක්ෂක යෝජනා කරයි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ...

කොළඹ නගරාධිපති සටනේ සර්වජන බලවේගයේ සහය විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය...

දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ...

කොළඹ පුරපති තේරීමේ ඡන්ද විමසීම අද

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ...

More like this