ජර්මනියේ නිල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

Published on

ජර්මනියේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (15) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

තුන් දින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත්ව ගියේ, පසුගිය 10 වැනිදා රාත්‍රියේදී යි.

ජනාධිපතිවරයා එම සංචාරය තුළදී ජර්මානු ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවුණා.

ඊට අමතරව එරට වාණිජ මණ්ඩලයේ මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සමඟ ද, සාකච්ඡා පැවැත්වුණා.

ඒ, රජයේ ප්‍රමුඛතා මත පදනම්ව වෙළෙඳ, ඩිජිටල් ආර්ථිකය, ආයෝජන සහ වෘත්තීය පුහුණු අවස්ථා ඇතුළු දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීම වෙනුවෙන්.

අනතුරුව ජනාධිපතිවරයා, ජර්මනියේ වෙසෙන ලාංකිකයින් ද හමු වී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම සංචාරයේ නිරත වූයේ, ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර් මහතාගේ ආරාධනයකට අනුවයි.

Latest articles

අද උදැසන එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ලාංකික තරුණයෙකුට තුවාල

අද (16) උදෑසන බෙනිබරක් (Bnei Brak)ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී...

දේශබන්දු – විමර්ශනයට පත් කළ කමිටුව අද සිට දිනපතා රැස්වෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ...

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ඡන්ද විමසීම ඇරඹේ – මාලිමාවෙන් හා විපක්ෂයෙන් නම් දෙකක්

කොළඹ මහා නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙහිදී...

More like this