බස්නාහිර පළාතේ ඩෙංගු බෝවෙන ස්ථාන 44% ක්

Published on

බස්නාහිර පළාතේ පාසල්, ආගමික ස්ථාන සහ රාජ්‍ය ආයතන පරීක්ෂා කිරීමේදී ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සියයට හතළිස්හතරක් (44%) පමණ වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන පවසයි. එම ස්ථානවලින් සියයට පහළොවක් (15%) පමණ මදුරු කීටයන් හමුවී තිබෙනවා.

විශේෂයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය දක්නට ලැබෙනවා.

2025 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය වැලඳීමෙන් පුද්ගලයන් 13 ක් මියගොස් ඇත. මේ වනවිට හමුවූ රෝගීන්ගේ සංඛ්‍යාව විසිපන්දහසකට අධිකයි.

කඩින් කඩ ඇතිවන වැස්ස, කානු පද්ධති පිරිසුදු නොකිරීම, කුණු ඉවත් නොකිරීම නිසා මදුරු කීටයන් බෝවන බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහන් කර තිබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන 30 වැනිදා සිට ජූලි මස 05 වැනිදා දක්වා දිවයින පුරා තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨ‍ාස 110 ක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

තවද චිකුන්ගුන්‍යා රෝගීන් වාර්තා වීමද අඩුවී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර තිබෙනවා.

Latest articles

ඉන්දියාවේ පාලමක් කඩා වැටී 06ක් මරුට

බටහිර ඉන්දියාවේ පූනේ නගරයේ ඉන්ද්‍රයානි ගඟ හරහා ඇති පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු...

දයා ගමගේට අයත් බව පැවසෙන රු. කෝටි 10ක් වටින චංචල දේපළ ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට නියෝග

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේට අයත් බව පැවසෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත්...

ජර්මනියේ නිල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරය අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (15) පෙරවරුවේ දිවයිනට...

කොළඹ මහ නගර සභාවේ තීරණාත්මක පුරපති සටන හෙට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ...

More like this