පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
35 හැවිරිදි ඉමාඩ් වසීම් පසුගිය වසරේදී ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනු ලැබුවා.
නමුත් පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් අවස්ථා තුනකදී තරඟයේ වීරයා සම්මානය දිනාගැනීමට සමත් වීමත් සමඟ ඔහු නැවතත් විස්සයි විස්ස තරඟ බිමිට පිවිසි බව සඳහන්.
ඉමාඩ් එක්දින තරග 55ක් සහ විස්සයි විස්ස තරග 75ක් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනව බවයි කියන්නේ.
එමෙන්ම ඔහු පාකිස්තාන වෙනුවෙන් දවාගනෙ ඇති මුළු කඩුලු සංඛ්‍යාව 117කි.