නියෝජ්‍ය කතානායක රිස්වි සාලිගේ අධ්‍යාපන සුදුසුකම් හෙළි කරයි

Published on

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි විසින් සිය අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.

නායකත්වය පිළිබඳ විශ්වාසය හා වගවීම පවත්වා ගැනීමේ අත්‍යවශ්‍ය හේතුවෙන් වෘත්තීය සුදුසුම් අනාවරණ කරන බවයි රිස්වි මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා 1986 වසරේ පකිස්ථානයේ මුල්තාන්හි නිෂ්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් සිය උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.

එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් Laryngo Otorhinology (DLO) ඩිප්ලෝමාව ද අවසන් කර ඇති බවයි කියන්නේ.

තවද එහි සඳහන් වන්නේ වසර 38ක කාලයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ බවයි.

පිට පළාත්වල මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති විවිධ රෝහල්වල ද ඔහු සේවය කර තිබෙනවා.

වසර 12ක් රජයේ වෛද්‍යවරයෙක් ලෙස ඔහු සේවය කර ඇති බව කියයි.

රිස්වි සාලි මහතා තැබූ සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන් අනතුරුව සාමාන්‍ය වෛද්‍යවරයෙක් ලෙස ප්‍රජාව වෙනුවෙන් තම සේවය කළ බවයි.

ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහක් නිර්මාණයවී ඇති පසුබිමකයි ඔහු සිය සුදුසුකම් පවසා ඇත්තේ.

Latest articles

අස්වනු නෙළීම සංකේතවත් වූ අගමැති කාර්යාලයේ තෛපොංගල් දින සැමරුම

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය...

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this