කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (13) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැත් වූ හමුවේ දීයි.
ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කුමන ආකාරයකින් හෝ පලුදු වීමට ඉඩ නොතබන බවටත්, ආණ්ඩුවේ කුමන වගකීම දැරුවත් වැරද්දක් කර ඇත්නම් ඔවුන්ට අදාළ ක්‍රියා මාර්ග ගන්නා බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්.