කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කටයුතු ලබන වසරේ ජූනි මස අවසන් කරන්න ඇමතිගෙන් උපදෙස්

Published on

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කටයුතු 2025 ජූනි මස අවසන් කරන ලෙස ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතවක්කු මහතා සහ තවත් නිලධාරීන් පිරිසක් සමග කොළඹ වරායේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ දීයි ඔහු මෙම උපදෙස් ලබා දී ඇත්තේ.

එසේම නැගෙනහිර බහාලුම් පර්යන්තයේ කටයුතු අවසන් කිරීමේ ප්‍රමාදය නිසා සිදු වූ පාඩුව ගැන ද අමාත්‍යවරයා මෙහිදී විමසා තිබෙන බවයි කියන්නේ.

මෙහිදී නැගෙනහිර බහාලුම් පර්යන්තය, බටහිර බහාලුම් පර්යන්තය, ජය බහාලුම් පර්යන්තය, CICT සහ SAGT යන යන සියලු පර්යන්තවලට ගොස් සේවක ගැටළු පිළිබඳවද එම නිරීක්ෂණය අතරතුර සාකච්ඡා කර ඒවා විසඳීමට අවශ්‍ය කටයුතු කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම සියලු පර්යන්තවල ප්‍රගතිය සමාලෝචන කළ අමාත්‍යවරයා මෙය ආකර්ශනීය වරායක් කරගැනීමට අවශ්‍ය දිරිමත් කිරීම සහ නෞකා පැමිණීම වැඩිකරගැනීමට මෙන් ම බහාලුම් ප්‍රමාණය වැඩිකරගැනීමට අවශ්‍ය කටයුතු සමබන්ධයෙන් සාකච්ඡා සිදු කර තිබෙන බවද කියනවා.

Latest articles

අස්වනු නෙළීම සංකේතවත් වූ අගමැති කාර්යාලයේ තෛපොංගල් දින සැමරුම

අස්වනු නෙළීම සංකේතවත් කරමින් සැමරෙන සාම්ප්‍රදායික තෛපොංගල් උත්සවය වෙනුවෙන් අදාළ චාරිත්‍ර ඉටු කිරීම අග්‍රාමාත්‍ය...

මස්ක් සහ TikTok ගැන පළවෙන අලුත් කතාව

චීන TikTok සමාගමේ අමෙරිකානු මෙහෙයුම් ඊලොන් මස්ක්ට විකිණීමට සාකච්ඡා කරමින් සිටින බවට පළ වන...

ජනාධිපති උපදෙස් පරිදි රේගුව විශේෂ වැඩපිළිවෙලක

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී...

ජනපති චීනයට ළඟා වෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීන රාජ්‍ය සංචාරයට පිටත්ව...

More like this