කෝප් කමිටුවෙන් හෙළිවුණ කාබනික පොහොර වංචාව

Published on

කෝප් කමිටුව 2021 වසරේ දී රුපියල් මිලියන 700 ක වියදමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමුකර තිබුණත් ඒ සඳහා කිසිදු ශක්‍යතා අධ්‍යනයක් සිදුකර නොතිබූ බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් කෝප් කමිටුව හමුවේ පවසා තිබුණේ මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත් වීමක් සිදුනොවූ බවයි.

මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ 2022 හා 2023 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීවේ.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 700 ක මුදලක් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් අනුමත කරගෙන තිබුණ ද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ඒ සඳහා රුපියල් මිලියන 350ක් නිදහස් කර තිබු බව පැවසුවා.

එමෙන්ම ඉන් රුපියල් මිලියන 302 වියදම් කර තිබු අතර අදායම් ලෙස ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 22ක් පමණක් ලැබී තිබු බවයි වැඩිදුරටත් කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා පවසා සිටියේ.

මෙහිදී කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පවසා තිබුණේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නීති හා මුදල් අධ්‍යක්ෂවරුන් මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා මුදල් ලබාදීම, කොමිෂන් සභා පනතට පටහැනි බවට ලිඛිතව නිරීක්ෂණ ලබාදී තිබු බවයි.

කෙසේ වෙතත් අමාත්‍යාංශ මට්ටමින් තමන් වෙත ලැබෙන නියෝග ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බැවින් මුදල් නිදහස් කිරීමට කටයුතු කළ බව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මුදල් අධ්‍යක්ෂවරයා පවසා තිබෙනවා.

තවද මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය සඳහා මුදල් අනුමත කිරීම කොමිෂන් සභා පනතට පටහැනි බවට නිරීක්ෂණ ලබාදීම හේතුවෙන් තමන්ට පීඩාවන් සිදුකළ බවයි කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂවරයා කෝප් කමිටුවට පවසා සිටියේ.

දිවයිනේ ස්ථාන 35ක මෙම කාබනික පොහොර නිෂ්පාදනය ආරම්හ කිරීම සඳහා මෙලෙස මුදල් ලබාදී තිබුණද මේ වනවිට ස්ථාන පහක ඒ සඳහා ඉදිකළ ගොඩනැගිලි කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවතින බවද කාරක සභාවේදී අනාවරණය වූවා.

මෙහිදී අදහස් දැක්වූ කාරක සභා සභාපතිවරයා මෙම අසාර්ථක වූ කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් මුල්‍ය වංචාවක් සිදුව තිබේද නැද්ද යන්න පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අදාළ නීතිමය කටයුතු සඳහා අදාළ ආයතන වෙත පැමිණිලි කිරීමට සුදානම් බවයි පැවසුවේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර ඇති බවද එම අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා තිබුණා.

Latest articles

මමනම් ඒ හවුල් සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ – දිලිත් කියයි

පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ රැස්වීම සම්බන්ධයෙන් තමන්ගේ නම සඳහන්...

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය...

ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා – ජනපති

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර...

පොහොර වංචා කර වැඩිමිලට අලෙවි කරන්න හැදූ 12ක් අත්අඩංගුවට

ඇමෝනියා පොහොර යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන්,...

More like this

මමනම් ඒ හවුල් සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ – දිලිත් කියයි

පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ රැස්වීම සම්බන්ධයෙන් තමන්ගේ නම සඳහන්...

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය...

ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවනවා – ජනපති

ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර...