පොහොර වංචා කර වැඩිමිලට අලෙවි කරන්න හැදූ 12ක් අත්අඩංගුවට

Published on

ඇමෝනියා පොහොර යූරියා පොහොර ලෙසට වංචා කර වැඩිමිලට අලෙවි කිරීමට ආධාර අනුබල දිම සම්බන්ධයෙන්, සැකකරුවන් 12 දෙනෙකුව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිරිපුර නගරයේ කෘෂි පොහොර සහ කෘෂි ද්‍රව්‍ය අලෙවි කරන ආයතනයක පසුගිය 13 වනදා සිදුකළ වැටලීමකදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

එහිදී ඇමෝනියා පොහොර කූඨ ලෙස යූරියා පොහොර ලෙස ඇසුරුම් කර වැඩි මිලට ගොවියන් වෙත අලෙවි කර වංචා කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම ආයතනයේ කළමණාකරුවෙකු ඇතුළු සේවකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 23 ත් 53 අතර වයස්වල පසුවන සිරිපුර, බුලත්කොහුපිටිය හා මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඉහත සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මාරු කිරීමට ගෙනවිත් තිබූ පොහොර මිටි 1,565 ක් පොහොර ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථ 05 ක් හා විවිධ ආයතන වල පොහොර හිස් කවර 13,585 ක් එම ස්ථානයේ තිබී හමු වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (14) දෙහිඅත්තකණ්ඩිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කළේ.

පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Latest articles

යුක්‍රේනය එක්ක සාම සාකච්ඡා සඳහා එන්නේ නෑ – රුසියානු ජනාධිපති

තුර්කියේ පැවැත්වෙන රුසියානු - යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය...

මැතිවරණ කොමිෂන් සභාවෙන් සියලු පක්ෂවලට දැනුම්දීමක්

පළාත් පාලන ආයතන සඳහා තේරී පත් වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස...

මමනම් ඒ හවුල් සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ – දිලිත් කියයි

පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ රැස්වීම සම්බන්ධයෙන් තමන්ගේ නම සඳහන්...

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක අනතුරකින් 21 දෙනෙකු ජිවිතක්ෂයට

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය...

More like this