ශ්‍රී ලංකාවේ අත්හිටුවා තිබූ ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කර තිබෙනවා.
එහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ඇතුළු ව්‍යාපෘති කිහිපයක් මෙසේ අත්හිටුවා තිබුණු බවයි කියන්නේ.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා පවසා ඇත්තේ අත්හිටුවා තිබූ එම ව්‍යාපෘති නැවතත් මේ වසරේ ජූලි මාසයේදී ආරම්භ කළ බවයි.
නව රජය සමඟ එක්ව ඒ සඳහා කටයුතු කරන බවයි තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.