2034 FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය සෞදි ආරාබියේ

Published on

ලෝක පාපන්දු ආයතනය වන FIFA විසින් 2034 FIFA ලෝක කුසලානයේ සත්කාරක රට ලෙස සෞදි අරාබිය නිල වශයෙන් නම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ආයතනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ විසිනුයි මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ඒ, සාමාජික රටවල් 211ක නියෝජිතයින් ඊයේ (11) සූම් තාක්ෂණය ඔස්සේ රැස්වී සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ගනු ලැබූ එකගතාවයන්ට අනුව බවයි කියන්නේ.

එහිදී 2030 ලෝක කුසලානයේ සම සත්කාරකයන් ලෙස මොරොක්කෝව, ස්පාඤ්ඤය සහ පෘතුගාලය ද තහවුරු කළ බවයි කියන්නේ.

මීට අමතරව FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ආරම්භ කර 2030 වසරට වසර 100ක් සම්පූර්ණ වනවා.

ඒ අනුව තරඟාවලියේ ශත සංවත්සරය සනිටුහන් කිරීම සඳහා මොරොක්කෝව, ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ ඒකාබද්ධ යෝජනාවට අනුව 2030 මහාද්වීප තුනක් සහ රටවල් හයක් හරහා උරුගුවේ, ආර්ජන්ටිනාව සහ පැරගුවේ උත්සව පැවැත්වීමටයි තරඟ සංවිධායකයින් තීරණය කර ඇත්තේ.

2022 දී කටාර් රාජ්‍යය විසින් එය වේදිකා ගත කිරීමෙන් පසු සෞදි අරාබිය මෙම තරඟාවලියේ සත්කාරකත්වය දරන දෙවන මැද පෙරදිග රට බවට පත්වනු ඇත.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this