“පොහොසත් රටක් – ලස්සන ජිවිතයක්” පිළිබඳ මෙරට ජනතාවගේ අපේක්ෂා ඵල දැරීම වෙනුවෙන් තව තවත් සද් අධිෂ්ඨානයෙන් සහ වීර්යයෙන් යුතුව එක්ව කටයුතු කිරීමට මෙම පින්බර වෙසක් මංගල්‍යයේදී තමන් සියලුදෙනාට ඇරයුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අදට යෙදී තිබෙන වෙසක් පොහොය දිනයට සුභාශිංසන එක් කරමින් නිවේදනයක් නිකුත් කරමිනි.
එමෙන්ම ජනපතිතුමන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාවත මනා කොට ආදර්ශයට ගනිමින්, පරාර්ථකාමීත්වය තුළ සමානාත්මතාවයෙන් සහ සමාජ සාධාරණත්වයෙන් යුතු දියුණු රටක් ගොඩනගන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
එම නිවේදනය පහතින්,
