අප දේශය නිවැරදි පරිවර්තනයකට යොමු කරමින් සිටින අවධියක මානව සිත්සතන් සුවපත් කිරීමට ද මෙම වෙසක් කාලය වඩාත් සුදුසු බව තමන් විශ්වාසය බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මෙනෙවිය පවසනවා.
ඇය මේ බව පැවසුවේ අදට යෙදී තිබෙන වෙසක් පොහොය දිනයට සුභාශිංසන එක් කරමින් නිවේදනයක් නිකුත් කරමිනි.
එමෙන්ම මේ වනවිට ලෝකයේ නොයෙක් රටවල ඇවිලී තිබෙන යුද ගිනිදැල් නිවී, සමස්ත ලෝකවාසීන්ටම සතුටින් හා සාමයෙන් ජීවත් වීමේ භාග්‍යය උදාවේවායි මෙම වෙසක් සමයේ දී සමස්ත ශ්‍රී ලාංකිකයින් සමඟ තමන් ප්‍රාර්ථනා කරන බවයි ඇය වැඩි දුරටත් එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
එම නිවේදනය පහතින්,
