බස් අනතුරින් සුන්බුන් අතර සිර වී සිටිය දී තම බිළිදා රැකගත් මවගේත් දිවි අහිමි වෙයි

Published on

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් අනතුර සිදු වූ අවස්ථාවේ මව් සෙනෙහසේ ප්‍රබලත්වය ලොවට කියාපාමින් සුන්බුන් අතර සිරව සිටියදී ම සිය බිලිඳාට රැකවරණය සැලසූ මවත් ජීවිතයට සමු දී තිබෙනවා.

ලෝක අම්මාවරුන්ගේ දිනය යෙදී තිබෙන අද දිනයේ දී සිය ජීවිතය ගැන පවා නොතකා තම කුඩා දරුවාගේ දිවි බේරා ගැනීමට උත්සාහ කළ මවකගේ සෙනෙහසේ තරම කියාපාන එම ස්ථානයේ දක්නට ලැබුණු දර්ශනය, සමාජ මාධ්‍ය තුළ පවා ඇය කෙරෙහි දැඩි අවධානයක් යොමු වීමට හේතුවක් වූ අතර ඒ දැඩි කම්පනයක්ද සහිතවයි.

මේ, අද සිදු වූ ශෝකාන්තයේ බොහෝ දෙනෙකුගේ දෑස කඳුළින් තෙත් කළ දර්ශනය වූයේ යකඩ කඳක් ඇඟ මත දරා ගෙන තම කුඩා දරුවා රකින්නට වෙහෙසුණු මවයි.

බස් රථයේ සුන්බුන් අතර තවදුරටත් පොරබැදීමට තරම් සවියක් නොතිබුණත් මරණ මංචකය පෙනී පෙනී සිය බිලිඳාට උණුසුම දී, රැකවරණය සැලසීමට තරම් ඇගේ මාතෘත්වය ශක්තිමත් වී තිබුණා.

එහෙත් ඇයට ජීවිත වරමක් දීමට තරම් දෛවය පසුව කාරුණික වී නොතිබුණු අතර එම මවට මෙන්ම පියාට ද ජීවිතයට සමුදීමට සිදු වුණේ මාස 08ක් වූ බිලිඳා ඇතුළු දරුවන් තිදෙනා මෙලොව තනි කරමින්.

කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණ යළි නිවෙස බලා යද්දීයි ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ ඔවුන්ගේ අවුරුදු 10ක දරුවා, අවුරුදු 16ක දැරිය සහ මාස 09ක් වයසැති බිලිඳිය නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ මේ ශෝකජනක අනතුරින් දිවි අහිමි වූ පුද්ගලයින් ගණන 22ක්.

කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඒ ජීවිත අතරට අයත් වෙද්දී 9 දෙනෙකුගේ අනන්‍යතාවය තවමත් තහවුරු කරගනිමින් සිටින බව සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...