සේමිණි ඉද්දමල්ගොඩ ඇප මත මුදා හරියි

Published on

මුදල් ගෙවීම පැහැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කරනු ලැබුවා.

වැලිකඩ පොලිසිය විසිනුයි සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කළේ පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන ගොස් ඊට අදාළව ගෙවිය යුතු සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව අධිකරණය මගින් වරෙන්තු 7ක් නිකුත් කර තිබූ බවයි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු හතරක්ද, මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු දෙකක් සහ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් එක් වරෙන්තුවක්ද නිකුත් කර තිබෙන බව පොලීසිය මෙහිදී පැවසුවා.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායිකාව රංගන ශිල්පිනියක් බවත්, ඇයට අධිකරණය මගහැරයාමේ කිසිදු අවශ්‍යතාවක් නොතිබූ බවයි ප්‍රකාශ කළේ.

මෙහි ඇතැම් නඩුවලට අදාළ මුදල් සිය සේවාදායිකාව විසින් දැනටමත් ගෙවා අවසන් කර ඇති බවත්, එම නඩු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කරගෙන තිබෙන බවත් නීතිඥවරු දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා සැකකාරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමටයි නියම කළේ.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පැමිණිලි හතරට අදාළව මුදල් ගෙවීම් සිදුකළ වාර්තා ලබන 19 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට නියෝග කර තිබෙනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...