ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළට (Update )

Published on

Update (11/05) ප.ව. 12.30

මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.

……………………………….

Update (11/05) පෙ .ව. 11.05

මෙම අනතුරෙන් මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවත් පිරිසක් බස් රථය තුළ සිරවී සිටින බවද සඳහන්.

……………………………….

Update (11/05) පෙ.ව. 09.02

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට එම අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 ක්.

කොත්මලේ පොලීසිය පැවසුවේ අනතුරින් පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

…………………………………

නුවරඑළිය – ගම්පොල ප්‍රධාන මාර්ගයේ කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

ඒ අනුව, එම අනතුරෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයන් ගණන 35 ක්.

පොලිසිය සඳහන් කළේ කතරගම බලා ධාවනය වෙමින් තිබූ මගී ප්‍රවාහන ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ පිරිස් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this