වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අවස්ථාව ලබා දී තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (12) සහ අනිද්දා දෙදින ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි.
එහිදී රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක්, රසකැවිලි පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට කටයුතු කරන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලුම බන්ධනාගාර ආයතන තුළ සිදු කරනු ඇති.