ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා.
කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු තේමාව යටතේ පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය මැයි මස 10 වන දා සිට 16 වන දා දක්වා නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ලබයි.
බහු ආගමික සහ බහු සංස්කෘතික සමාජයක් සහිත නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කිරීම විශේෂත්වයක් වන අතර රට පුරා බෞද්ධ ප්රබෝධයක් ඇති කිරීම මෙන්ම ලෝකයේ බෞද්ධ රටවල් සමඟ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයේ අරමුණු වේ.
එමෙන්ම, 2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් කොත්මලේ මලියදේව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සහ කුරුණෑගල ශ්‍රී විෂ්ණු දේවාලය පූජා භූමියක් බවට පත් කිරීමේ සන්නස් පත්‍රය පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරුණු අතර එහි පළමු සමරු මුද්දරය ජනාධිපතිවරයා වෙතයි පිළිගැන්වූයේ.