මෙවර වෙසක් පුර පසොළොස්වක පොහොය නිමිත්තෙන් කොළඹ පමණක් තොරණ 23 ක් නිර්මාණය කර තිබෙනවා.
කොස්ගස් හන්දිය, ඔරුගොඩවත්ත, තොටළග, දෙමටගොඩ, බොරැල්ල, පෑලියගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, මහරගම, පිළියන්දල, බෙල්ලන්විල තොරන් නිර්මාණය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මීට අමතරව මොරටුව, දෙහිවල, මාලබේ සහ අතුරුගිරිය ඇතුලූ ප්‍රදේශ රැසක ද වෙසක් තොරණ නිර්මාණ කර තිබෙනවා.
මීට අමතරව වෙසක් කලාප පැවැත්වෙන්නේ කොළඹ බෞද්ධාලෝක මාවත, ලේක් හවුස් මාර්ගය, කොළඹ මහ නගර සභා මාර්ගය සහ හුණුපිටිය ගංගාරාමය ආශ්‍රිතවයි.
එමෙන්ම වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 7200ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියා.
සම්බුදු තෙමගුල සිහි කරමින් අදින් ආරම්භ වූ ජාතික වෙසක් සතිය 16 වනදා දක්වා පවත්වන අතර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමිනුයි පැවැත්වෙන්නේ.