ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙනවා.
පෞද්ගලික හේතුවක් මත එළඹෙන 15 වනදා සිට තමා ලේකම් ධුරයෙන් ඉවත් වෙන බව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දන්වා ඇති බව සඳහන්.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇති බවයි.
පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක මහතා 2023 වසරේ මැයි 25 වනදා එම ධුරයෙන් විශ්‍රාම ලැබුවා.
කෙසේ වෙතත් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයට ඔහු පත් කෙරුණේ එම වර්ෂයේදීම වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 5ක පමණ දීමනාවක්, නිල රථයක් සහ අනෙකුත් පහසුකම් ද හිමි වුණා.