ලොව පුරා බිඳ වැටුණු සමාජ මාධ්‍ය සේවා යළි යථා තත්ත්වයට

Published on

මෙටා සමාගමේ සියලු සමාජ මාධ්‍ය සේවා ඊයේ (11) ලොවපුරා බිඳ වැටීමකට ලක් වුණා.

රටවල් කිහිපයක WhatsApp, Facebook සහ Instagram බිඳ වැටීම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙටා සමාගමේ සියලු සමාජ මාධ්‍ය සේවා බිඳ වැටීම හේතුවෙන් පැය ගණනාවක් යනතුරු පරිශීලකයින්ට සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත ප්‍රවේශ වීමේ අවහිරතා මතුවයි තිබුණේ.

තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුව ඇති බවට එම සමාගම සිය සමාජ මාධ්‍ය පරිශීලකයින්ට X පණිවිඩයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණා.

එය යථා තත්වයට පත්කර ගැනීමට එලෝන් මාස්ගේ සහය ලබා ගෙන ඇති බවද වාර්තාවල සඳහන්.

ඒ සම්බන්ධයෙන් මෙටා සමාගම සිය සමාජ මාධ්‍ය ගිණුම් පරිශීලනය කරන්නන්ගෙන් සමාව අයැද සිටියා.

ඊයේ පස්වරුව වනවිට Facebook අවහිරතා සම්බන්ධයෙන් පරිශීලකයින් 22,000 ක් පමණ වාර්තා කර තිබූණු බව කියයි.

එමෙන්ම 18,000 ක් පමණ WhatsApp පරිශීලකයින් ද ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ සියලු සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් පැමිණිලි ලක්ෂයකට වඩා ලැබී ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ බිඳ වැටුණු සිය සේවා සැපයුම මේ වනවිට 99% ක් පමණ යථා තත්ත්වයට පත් කර ඇති බවයි මෙටා සමාගම දැනුම් දෙන්නේ.

මෙම සමාගමේ සමාජ මාධ්‍ය ගිණුම් බොහෝමයක් ලොවපුරා ඉතා ප්‍රචලිත වේ.

එහි මාසිකව බිලියන තුනකට අධික සක්‍රීය පිරිසක් Facebook පරිශීලනය කරයි.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this