කෝලිත් ටෙස්ට් පිටියට සමුදෙන්න තීරණයක

Published on

ඉන්දීය සුපිරි ක්‍රිකට් පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු සිය තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) දැනුම් දී ඇති බව සඳහන්.

කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායම ලබන මාසයේ එංගලන්තයේ පැවැත්වෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියකට සහභාගිවීමට නියමිතව ඇති හෙයින් එම තරගාවලියෙන් අනතුරුව මෙම තීරණය සම්බන්ධයෙන් සලකාබලන ලෙස ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කෝලිගෙන් ඉල්ලා ඇති බවයි පවසන්නේ.

“ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාමයන බව මණ්ඩලයට දැනුම් දී තිබෙනවා. නමුත් තීරණාත්මක එංගලන්ත සංචාරය ඉදිරියේ දී තිබෙන බැවින් එම තීරණය ගැන නැවත සිතා බලන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කළා. නමුත් කෝලි තවමත් එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ නෑ” යනුවෙන් BCCI උසස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

දින කිහිපයකට පෙර ඉන්දීය ටෙස්ට් නායක ලෙසින් කටයුතු කළ රෝහිත් ෂර්මා ද ටෙස්ට් දිවියෙන් විශ්‍රාම යන බව නිවේදනය කර ඇති පසුබිමකයි කෝලි මෙලෙස තීරණය කර ඇත්තේ.

ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් ඉනිම් 210ක් ක්‍රීඩාකර ඇති කෝලි මේ වනවිට ලකුණු 9,230ක් රැස්කරගෙන සිටියි.

ඉනිමක සාමාන්‍ය 46.85 ලෙසින් පවත්වාගෙන සිටින කෝලි ශතක 30ක් හා අර්ධ ශතක 31ක් රැස්කරගෙන සිටිනවා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this