කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයකින් පැන දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ සමාජ මාධ්‍යවල දැඩි කතා බහට ලක්වන මේ සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
එසේම කොටහේන සහ බම්බලපිටිය යන පොලිස්ථානවලින් එම සිදුවීම සම්බන්ධයෙන් නිගමන වාර්තා කැඳවා ඇති බවද එහි සඳහන්.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් දක්වා සිටි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් දැක් වූ අදහස්වලට පිළිතුරු ලබා දුන් අගමැතිනිය කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවය.
ළමා රක්ෂණ අධිකාරිය විසින් නිකුත් කළ එම නිවේදනය පහතින්,
