ජාතික වෙසක් සතිය හෙටින් ආරම්භ වනවා.
එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර මහතා සඳහන් කළේ.
”කළණ මිතුරන් ඇසුරු කරමු” යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාව වනවා.
එහි සමාරම්භක උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.
වෙසක් සතියේ දින තුනක් දිවයිනේ සුරාසැල් හා මස් අලෙවි සැල් වසා තැබෙනවා.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය හා අනුරාධපුරය දක්වා යන සැදැහැවතුන් වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.
ලබන 13 වැනිදා දක්වා එම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වනවා.