දිවි පිදූවන්ගේ සෑම ලේ බිංදුවකටම පලි ගන්නා බව පාකිස්ථාන නායකයා ලොවට කියයි

Published on

පෙහෙල්ගාම් ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙසින් ඉන්දියාව විසින් පාකිස්ථානයට සහ කාශ්මීරයේ පාකිස්ථාන පාලන ප්‍රදේශයන්ට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් දිවිපිදූ සෑම පාකිස්ථාන වැසියෙකුගේ ම ලේ බිඳුවකටම පළිගන්නා බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පැවසුවා.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ඊයේ රාත්‍රීයේ ජාතිය අමතමිනුයි මේ බව සඳහන් කළේ.

මේ අතර අද උදෑසන පාකිස්ථානයේ ලාහෝර් නුවර පිපිරීමක් වාර්තා වු අතර පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ලාහෝර් නුවරට ඉහළ අහසේ දී ඉන්දියාවට අයත් ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් වෙඩි තබා විනාශ කළ බවයි.

එම ඩ්‍රෝන යානයේ පුපුරණ ද්‍රව්‍ය ද අන්තර්ගතව තිබූ බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම ඉන්දීය ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 31ක් දක්වා ඉහළගොස් ඇති බවට පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරන අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ පාකිස්ථානයට එල්ල කළ ප්‍රහාර හමුවේ කිසිදු සිවිල් වැසියෙකුට බලපෑම් එල්ලවී නොමැති බවයි.

තවද, ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බොහෝ ගුවන් සේවා පාකිස්ථාන සහ උතුරු ඉන්දියානු ගුවන් කලාපය භාවිත කිරීමද අත්හැර දමා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්ථානයේ ලාහෝර්, කරච්චි සහ සියල්කොත් ගුවන් තොටුපළ මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමටයි පාකිස්ථාන සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.

මේ අතර ඉන්දු – පකිස්ථාන ගැටුම් නතර කිරීම සඳහා තමාට කළ හැකි දෙයක් ඇත්නම් එය සිදුකරන බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු අවධාරණය කළේ දෙරට අතර ගැටුම් වහා අවසන් විය යුතු බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...