කොළඹ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සියදිවි හානි කරගැනීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමටත්, චෝදනා එල්ල වී ඇති ගුරුවරයාට ස්ථාන මාරුවීමක් ලබා දීමටත් කටයුතු කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.
නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මේ වනවිට සිද්ධියට අදාළ පොලිස් විමර්ශන වාර්තාව කැඳවා ඇති අතර එය ලද වහා ම අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.
මේ අතර, මියගිය දැරියගේ ඥාතීන් ඇතුළු පිරිසක් පැමිණ සාධාරණයක් ඉල්ලා මේ වනවිට එම පාසල අසල විරෝධයක ද නිරත වනවා.