පාකිස්ථානයේ, ලාහෝර් නුවර හා කරච්චි දක්වා සිදු කෙරෙන ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුද ගැටුම් ඊට හේතුවයි.
ශ්‍රී ලංකාවේ සිට සතියකට ගුවන් යානා 04 ක් ලාහෝර් නුවර වෙත පියාසර කෙරුණා.
එමෙන්ම, ඉන්දියාවට සිදු කෙරන ගුවන් ගමන්වල ද වෙනසක් සිදු කර නොමැති බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම කියා සිටියේ.
ඉන්දු – පකිස්තාන් යුද ගැටුම් සමඟ අද (08) උදෑසන ද පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා වූවා.