පාඨලී විසින් ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

Published on

තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේයි නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රය ගොනු කර තිබුණේ.

එමෙන්ම මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය විභාගයට ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියම කරනු ලැබුවා.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

Latest articles

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

More like this