බහුතර බලය දිනූ පක්ෂවලට කොමිසමෙන් දැනුම්දීමක්

Published on

පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

සියයට 50කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම සිදුකරන බවයි එම කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (07) දිනයේ නිකුත් වූ අතර එහිදී පළාත් පාලන ආයතන රැසක බලය හිමිකර ගැනීමට සමත් වූයේ ජාතික ජනබලවේගයයි.

සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයකට ද තවත් පළාත් පාලන ආයතනවල බලය හිමිව තිබෙනවා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ පළාත් පාලන ආයතන සඳහා පත් කළ යුතු කාන්තා නියෝජනයන් පිළිබඳව ඉදිරි දිනවල දී අදාළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩයම් වෙත දැනුම්දෙන බවයි.

Latest articles

ගැරඬිඇල්ල බස් අනතුර විමර්ශනය කිරීමට පොලිසියෙන් පංච පුද්ගල කමිටුවක්

කොත්මලේ , ගැරඩිඇල්ල බස් අනතුර සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කිරීමට වැඩබලන...

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

More like this