මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු වාර්තාගත පැය 15ක මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව දීර්ඝතම මාධ්‍ය හමුව පැවැත් වූ රාජ්‍ය නායකයා ලෙස යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් මීට පෙර තබන ලද වාර්තාව මාලදිවයින් ජනාධිපතිවරයා විසින් බිඳහෙලා ඇති බවයි එරට ජනාධිපති කාර්යාලය පැවසුවේ.
ඊයේ (3) දිනයට යෙදි තිබු ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයට සමගාමීව මොහොමඩ් මුයිසු මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති බව සඳහන්.
මාලදිවයින් ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ එරට වේලාවෙන් ඊයේ පෙරවරු 10.00ට ආරම්භ කර ඇති ජනාධිපතිවරයාගේ මාධ්‍ය හමුව මධ්‍යම රාත්‍රිය ද පසුකර යමින් පැය 14යි මිනිත්තු 54ක කාලයක් පැවැත්වූ බවයි.
යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී පැය 14ක මාධ්‍ය හමුවක් පවත්වමින් ඊට පෙර බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ විසින් තැබූ පැය 07ක වාර්තාව බිඳ හෙළනු ලැබුවා.