ඉන්දියාවට එරෙහිව වසර 7කට පසු ශ්‍රී ලංකාවට ජයක්

Published on

තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් සටනේ අද (4) පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 3ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දීමටයි තීරණය කළේ.

ඒ අනූව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම, පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 275ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ඉන්දියා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දීමේදී Richa Ghosh පන්දු 48කට ලකුණු 58ක්ද Jemimah Rodrigues පන්දු 46කට ලකුණු 37ක්ද රැසකර ගැනීමටයි සමත් වුණේ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු පන්දුවාර 10ක් තුළදී ලකුණු 43කට කඩුළු 3ක්ද, සුගන්ධිකා කුමාරි පන්දුවාර 10ක් තුළදී ලකුණු 44කට කඩුළු 3ක්ද දවා ගනු ලැබුවා.

එහිදී ලකුණු 276ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි එක් පන්දුවක් තුළ කඩුළු 7ක් දැවී ලකුණු 278ක් ලබා ගනිමිනුයි ජයග්‍රහණය හිමිකර ගත්තේ.

ශ්‍රී ලකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිති හරඹයක යෙදුණු නිලක්ෂිකා සිල්වා පන්දු 33කට ලකුණු 56ක්ද හර්ශිතා සමරවික්‍රම පන්දු 61 කට ලකුණු 53ක්ද රැසකර ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Sneh Rana පන්දුවාර 10ක් තුළදී ලකුණු 45කට කඩුළු 3ක්ද, Pratika Rawal පන්දුවාර 10ක් තුළදී ලකුණු 32කට කඩුළු 1ක් වශයෙනුයි දවා ගනු ලැබුවේ.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this