මෙරට ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් වර්තමානය තුළ දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.
ලොව පුරා පුද්ගලයින් ලක්ෂයකගෙන් පුද්ගලයින් 3,340 දෙනෙකුට ඇදුම රෝගය පවතින බවයි ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය සඳහන් කළේ.
වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ එළැඹෙන 6 වනදාට යෙදෙන ”ලෝක ඇදුම දිනය” සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි.
ඉන් ලොව පුරා නව යෞවන වියේ පසුවන තරුණ පිරිස් අතර මෙම රෝගය බහුලව පවතින බව ද ඇය පෙන්වා දුන්නා.
ඒ අනුව “ඉන්හේලර් ” ප්‍රතිකාරය මගින් අතුරු ආබාධවලින් තොරව ඇදුම රෝගය ඉතා හොඳින් සුවපත් කර ගැනීමේ හැකියාව පවතින බවයි එම මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය සමන්මලී දල්පතාදු මහත්මිය පැවසුවේ.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය දල්පතාදු මහත්මිය පැවසුවේ ඇදුම රෝගය පැවතිය ද එය හඳුනා නොගත් රෝගීන් විශාල සංඛ්‍යාවක් මෙරට තුළ සිටින බවයි.