ශ්‍රී ලංකාවේ උපන් කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු පැවති ෆෙඩරල් මැතිවරණයෙන් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට නැවත තේරී පත් වී තිබෙනවා.
ඇය කම්කරු පක්ෂයේ හෝල්ට් අමාත්‍යවරිය ලෙසයි දෙවන වරටත් ජයග්‍රහණය කර ඇත්තේ.
මැතිවරණ රාත්‍රියේ ප්‍රනාන්දු තම කණ්ඩායම සමඟ මැතිවරණ ජයග්‍රහණය සැමරූ අතර ඊට ක්‍රැන්බෝන් පාර්ලිමේන්තු මන්ත්‍රී පෝලීන් රිචඩ්ස් සහ බාස් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝර්ඩන් කෘග්නේල් ද එක්ව සිටි බව සඳහන්.
ප්‍රනාන්දු උද්යෝගයෙන් හා කඳුළු සලමින් සිය සමූහයා අමතා ඇගේ කණ්ඩායමේ සාමාජිකයින්ට ස්තූති කළ අතර එහිදී ඇය පැවසුවේ,
“හෝල්ට් සඳහා නැවත තේරී පත් වූ සාමාජිකාවක් ලෙස ඔබ ඉදිරියේ පෙනී සිටීමට ලැබීම ගැන මම අතිශයින් ගෞරවයට පාත්‍ර වෙනවා, නිහතමානී වෙනවා” යනුවෙනි.
එමෙන්ම ඉදිරි වසර තුන සඳහා ඇයගේ සැලැස්ම ගැන කතා කරමින්, ප්‍රජාවට අවශ්‍ය යටිතල පහසුකම් ලැබෙන බව සහතික කිරීමට ඇය වෙහෙස මහන්සි වී වැඩ කරන බවද ප්‍රකාශ කර තිබෙනවා.