පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව මේ වන විට ක්‍රියාත්මකයි

Published on

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිහඬ කාලසීමාව මේ වන විට ක්‍රියාත්මක වනවා.

මෙම කාල සීමාවේ අපේක්ෂකයින් ප්‍රවර්ධනය සහ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම තහනම් වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව එම නිවේදනයෙන් දැනුම් දෙන්නේ 2025.05.03 දින පවත්වන අවසන් දේශපාලන ප්‍රචාරක රැස්වීම්වල වීඩියෝ දර්දශන හා විස්තර 2025.05.04 දිනය තුළ එක් එක් රූපවාහිනී/ ගුවන්විදුලි නාලිකාවේ එක් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක පමණක් ප්‍රචාරය කිරීමට හා 2025.05.04 දින පළ කරනු ලබන ප්‍රවෘත්තිපත‍්‍රවල එම රැස්වීම්වල ඡායාරූප හා වාර්තාව පළ කිරීමට හැකි බවයි.

මේ අතර ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම හෙට(05) උදෑසන ආරම්භ වනවා.

ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 13,759කදී මෙවර ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

ඒ සඳහා තරග වදින අපේක්ෂකයින් සංඛ්‍යාව හැත්තෑ දහසකට අධික වේ.

පළාත් පාලන ආයතන 339ක් වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ පනස් හය දහස් තුන්සීය තිස් අටකි.

එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින් සඳහා අවශ්‍ය පහසුකම් සළසා ඇතැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියා.

මැතිවරණ කොමිසමෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Latest articles

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්ධන සතියක්

ලබන 19 වනදා සිට විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන...

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කරනවා – සෞදි රජයට ට්‍රම්ප්ගෙන් ප්‍රතිඥාවක්

සිරියාවට එරෙහි සියලු‍ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥා ලබා දී තිබෙනවා. ඔහු...

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක් කරන්න පොලිසියට උපදෙස්

දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු...

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියෙක් විදේශ සංචාරවලට කෝටියකට වැඩි මුදලක් භාවිත කරලා

පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගි වී ඒ...

More like this