ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි, පාකිස්ථානයෙන් භාණ්ඩ ආනයනය තහනම් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ප්‍රතිපත්තියේ යහපත සඳහා මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය රජය පැවසූ බවයි .
පෙහෙල්ගාම් ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති එකම වෙෙළඳ මාර්ගය වන වාගා – අත්තරි හරස් මාර්ගය දැනටමත් වසා දමායි ඇත්තේ.
ඉන්දියාව පාකිස්ථානයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ අතරට ප්‍රධාන වශයෙන් ඖෂධ නිෂ්පාදන, පලතුරු, බීජ ඇතුළත්.
මේ අතර ඉන්දියාව විසින් පාකිස්ථාන නැව් ඉන්දියානු වරායන්ට ඇතුළු වීමද තහනම් කර තිබෙනවා.
ඒ අනුව පාකිස්ථාන ධජය සහිත නැව් ඉන්දීය වරායන්ට ඇතුළු වීම තහනම් කළ බවත් ඉන්දීය ධජය සහිත නැව් පාකිස්ථාන වරායන්ට පිවිසීමද තහනම් කළ බවයි ඉන්දියාවේ වරාය, නාවික හා ජල මාර්ග අමාත්‍යංශය පැවසුවේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ පාකිස්ථාන ආනයන තහනම් කිරීමට ඉන්දියාව පියවර ගැනීමත් සමඟ පාකිස්ථානු ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල වනු ඇති බවයි.
මේ අතර පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකු සිටින බවට ඉන්දියාවෙන් ලද තොරතුරකට අනුව, චෙන්නායි සිට පැමිණී ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් සහ එහි මගීන් කටුනායක ගුවන් තොටුපළේදී විශේෂ පරික්ෂාවකට ලක් කර තිබෙනවා.
කෙසේ වෙතත්, අදාළ තොරතුර ලැබෙන විට එහි පැමිණි මගීන්ගෙන් කොටසක් පිටව ගොස් තිබූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා කියා සිටියේ.