ඉන්දියාවේ – ගෝවේ නගරයේ කෝවිලක උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ගිනි ඇවිදීම ඇතුළු උත්සව සඳහා ප්‍රසිද්ධ ෂිර්ගාඕ ගම්මානයේ කෝවිලක වාර්ෂික ශ්‍රී ලයිරායි සාත්‍රා උත්සවය අතරතුර බැතිමතුන් රැදී සිටි පෝළිමක සිදු වූ හදිසි තදබදය හේතුවෙන් සිකුරාදා රාත්‍රියේ මෙම තෙරපීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ.
තුවාල ලැබූ පිරිස් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෝවේ මහ ඇමති සිය ශෝකය පළ කර තිබෙනවා.
ඉන්දියාවේ විශාල හින්දු ආගමික උත්සව අතරතුර තෙරපීම් නිතිපතා වාර්තා වේ.