පිලිපීනයේ ගිනි කන්දක් විදාරණය වීමෙන් පුද්ගලයන් 87,000 ක් අවතැන්

Published on

පිලිපීනයේ මධ්‍යම නෙග්‍රෝස් දූපතේ කන්ලෝන් ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් පිලිපීන‍යේ පුද්ගලයන් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගිනි කන්ද විදාරණය වී ඇත්තේ පෙරෙයිදා (09) දිනයි.

මෙම ආපදා තත්ත්වය හමුවේ මේ වනවිට පුද්ගලයන් 87,000 ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇති බව සඳහන්.

ගිනිකන්ද විදාරණය වීමත් සමඟ කිලෝමී‍ටර් 03 ක් පමණ වන ආසන්න ප්‍රදේශයට එහි අළු සහ දුමාරය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බව කියයි.

අදාළ බලධාරීන් පවසන්නේ මෙමගින් සිදුවූ ජීවිත හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැති බවයි.

නමුත් ගිනිකන්දෙන් පිටවන දුම් රොටු හේතුවෙන් එය ආසන්න ගම්මාන කිහිපයකට අළු විසිරයෑම හේතුවෙන් බලධාරීන් පාසල් වසාදමා ඇති බවත්,
එම ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා ඇති බවයි කියන්නේ.

එම දුම් රොටු සෞඛ්‍ය ගැටළු මෙන්ම රියදුරන්ගේ දෘශ්‍ය හැකියාව වැළක්වීමට ඉබ ඇති බවට බලධාරීන් මත පල කරයි.
අවතැන් වූ ගම්වැසියන් විශාල සංඛ්‍යාවකට ආධාර සැපයීමට බලධාරීන් සූදානම් අතර එම ආධාර ඊයේ සිට ආපදාවට ලක්ව සිටින පිරිස් වෙත යොමු කරන බවයි පිලිපීන් ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් පැවසුවේ.

ගිනිකන්දේ විදාරණය කාලතුවක්කු පිපිරීමක් මෙන් ඇසුණු බවයි ගිනිකන්දට ගිනිකොන දෙසින් පිහිටි කැන්ලෝන් නගරයේ නගරාධිපති ජෝස් චුබස්කෝ කාර්ඩෙනස් පැවසුවේ.

ඔහු පැවසුවේ මීට පෙර ද ගිනිකන්දේ සුළු පිපිරීම් සිදුවී ඇති නමුත් මෙවර පිපිරීම ඉතා ඝෝෂාකාරී බවයි.

ගිනිකන්දේ තවත් පිපිරීම් සිදුවෙතැයි අපේක්ෂාවෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.

විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ “අන්තරායකර ගිනිකඳු ක්‍රියාකාරකම්වල වැඩි අවදානමක්” හේතුවෙන් ආපදා ප්‍රතිචාර නිලධාරීන් කැන්ලෝන් අවට අවදානම් මට්ටම ඉහළ නංවා ඇති බවත් ගිනි කන්දේ සිට කිලෝමීටර් 6 (සැතපුම් 3.7) පමණ ප්‍රදේශයක සිටින ගම්වැසියන් ඉවත් කරන ලෙස බලධාරීන් නියෝග කර ඇති බවයි.

ගිනිකන්ද හේතුවෙන් පිලිපීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව අවම වශයෙන් අභ්‍යන්තර ගුවන් ගමන් හයක් සහ සිංගප්පූරුව බලා යන ගුවන් ගමනක් අවලංගු කිරීමට සිදුව තිබෙන අතර පෙරෙයිද සහ ඊයේ කලාපයේ දේශීය ගුවන් ගමන් යානා දෙකක් හරවා යැවීමට පියවර ගෙන තිබෙනවා.

Latest articles

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

More like this

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...