ඉන්දියාවේ “සෑම අඟලකින්ම” ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කරනවා – ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය

Published on

ඉන්දියාවේ “සෑම අඟලකින්ම” ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍ය අමිත් ෂා පවසනවා.

මේ අතර කාෂ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව සහ පාකිස්ථානය අතර නිර්මාණය වූ නොසන්සුතාව ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පවතින පසුබිමක ඊට සුදානම් වීම සදහා දෙරටම යුද අභ්‍යාසවල නිරත වන බව සඳහන්.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අඛණ්ඩව 8වැනි රාත්‍රියටත් ජම්මු කාෂ්මීරයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර හමුදා පාලන සීමාව ආසන්නයේ දී දෙරටේ හමුදා අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවයි.

මෙහිදී පාකිස්තානය එල්ල කළ වෙඩි ප්‍රහාරවලට ඉන්දීය හමුදාව සාර්ථකව ප්‍රතිචාර දැක්වූ බවයි පවසන්නේ.

එමෙන්ම පාකිස්තානය විසින් සිය ගුවන් විදුලි නාලිකාවල ඉන්දීය ගීත ප්‍රචාරය කිරීම ද තහනම් කර තිබෙනවා.

මේ අතර පවතින තත්ත්වයට ප්‍රතිචාර දැක්විම සඳහා පෙර සූදානමක් ලෙස පාකිස්තානයට මායිම් වන මහාරාෂ්ට්‍ර සහ ගුජරාටයට ඔබ්බෙන් අරාබි මුහුදේ දී යුද අභ්‍යාස පැවැත්වීමටද පාකිස්ථානය සැලසුම් කර තිබෙනවා.

මේ අතර එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් පැවසුවේ කාශ්මීර ප්‍රහාරයට අදාළව ඉන්දීයාවේ ප්‍රතිචාරය කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය විම වළක්වා ගත යුතු බවයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this