මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ අනුව මාර්තු මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තාකර ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8.1 වර්ධනයක්.
ආනයන වියදම මේ වසරේ මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,637ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 8.6ක වර්ධනයක් බවයි දැක්වෙන්නේ.
මේ වසරේ මාර්තු මාසයේ දී මෙරටට ලැබුණු විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 693ක් වන අතර එය ඕනෑම වසරක මාර්තු මාසයක දී වාර්තා වූ ඉහළම මාසික විදේශ සේවා ප්‍රේෂණ ප්‍රමාණය බව මහ බැංකුව පෙන්වා දෙනවා.
එමෙන්ම මේ වසරේ මාර්තු මාසයේ දී සංචාරක ඉපැයිම් අමෙරිකානු ඩොලර් මිලියන 354ක් වන අතර මාර්තු මාසය තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන 229,298ක්.
කෙසේවෙතත් මහා බැංකුව පෙන්වා දෙන්නේ මේ වසර ආරම්භයේ සිට අප්‍රේල් මස අවසානය දක්වා කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 2.3කින් අවප්‍රමාණය වී ඇති බවයි.