ඉන්දු – පාකිස්තාන යුදගිනි තව තවත් තීව්‍ර අතට

Published on

කාෂ්මීරයේ පෙහෙල්ගාම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මුල්කරගෙන ඉන්දියාව සහ පාකිස්තානය අතර නිර්මාණය වූ නොසන්සුතාව ක්‍රමයෙන් තීව්‍ර වෙමින් පවතිනවා.

ඒ අනුව ජම්මු කාෂ්මීරයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර හමුදා පාලන සීමාව ආසන්නයේ දී දෙරටේ හමුදා අතර වෙඩි හුවමාරුවක් සිදු වූයේ අඛණ්ඩව 7වැනි වරටයි.

පාකිස්තානය එල්ලකළ වෙඩි ප්‍රහාරවලට ඉන්දීය හමුදාව සාර්ථකව ප්‍රතිචාර දැක්වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සියලුම පාකිස්තාන ගුවන් යානාවලට සිය ගුවන් කලාපය වසා දැමීමටත් ඉන්දියාව පියවර ගෙන ඇත්තේ‍ මෙවන් පසුබිමකයි.

එමෙන්ම පාකිස්තානය සහ ඉන්දියාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ ද දෙරටේ නායකයින් සමග සාකච්ඡා කර ඇති බවද විදෙස් මාධ්‍යවල සඳහන්.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this