පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබෙනවා.
ඒ පසුගිය දා කාශ්මීරයේ දී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිනි.
ඒ අනුව ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බවයි ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
අග්‍රාමාත්‍ය මෝදි මෙම අවසරය ලබාදී ඇත්තේ ඊයේ නවදිල්ලි හිදී රැස්වූ විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේ දීයි.
මේ සඳහා ඉන්දීය හමුදා ප්‍රධානීන් මෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං මහතා ද එක්ව තිබුණා.
මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.
ඒ පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලාගේ X ගිණුමේ සටහනක් උපුටා දක්වමින්.
ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවයි එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ.