කැනේඩියානු මහා මැතිවරණය ජයගැනීමට මාර්ක් කර්නිගේ නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත්ව තිබෙනවා.
ඒ කන්සර්වේටිව් නායක පියරේ පොයිලිවර් කාර්නිගේ ලිබරල් පක්ෂය පරාජය පිළිගැනීමත් සමගයි.
මේ වනවිට ඡන්ද තවමත් ගණන් කරමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ආසන ලෙස හඳුන්වන මැතිවරණ දිස්ත්‍රික්ක 164ක ලිබරල් පක්ෂය පෙරමුණ ගෙන ඇති අතර කොන්සර්වේටිව් පක්ෂය ආසන 147ක් ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව කුඩා පක්ෂයක සහාය නොමැතිව ආණ්ඩුව පාලනය කිරීමට ඉඩ සලසන බහුතරයක් සඳහා ලිබරල් පක්ෂයට පොදු මන්ත්‍රී මණ්ඩලයේ ආසනවලින් 172ක් දිනා ගැනීමට අවශ්‍යයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාව සම්බන්ධයෙන් පළකර ඇති ප්‍රකාශ පිළිබඳව කැනේඩියානු ජනතාව අතර ඇති විරෝධය කැනේඩියානු මැතිවරණයේ ප්‍රධාන මාතෘකාවක් වූ අතර, එය හිටපු මහ බැංකු අධිපතිවරයෙක් වූ කාර්නිගේ ජයග්‍රහණයට රුකුලක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.